තරුකැට නෙත් ලග සිත නැවතුනදා
ලොවම නිසල වී එක මොහොතක්
නුබේ හදින් ආ සෙනෙහස් සුවදට
සිත බැදුනයි දසදහස් වරක්

සුරංගනාවක් මිහිපිට වැඩියේ
ලන්වී ඉන්නද මට විතරක්
අදහන්නට බෑ මුලු ලෝකෙම ඇයි
මේ තරමට ඇයි මගුල් ගෙයක්

සෙනෙහස ගැන අපෙ ලොවට කියන්නට
මැලි වුනෙ මං නුබ ගැන හිතලා
ආලනුරා මල් පිපුනු වසන්තෙක
නුබ ඇවිදින් සිත් අහස පුරා

මුතු ඇට අකුරින් කවියක් ලිව්වා
ජීවිතේම අපෙ කැටි කරලා
ඒ කවියට මං තාම ආදරෙයි
සුදුමැණිකේ මගෙ පනට වඩා


0 comments:

Post a Comment