සිතුවම් ලෙසින් නුබගෙ රුව ඇදෙන යාමේ
තනිකම සිතට ලන් උනා
ඇයිදෝ මෙසේ මාව තනි කර ගියේ හේ
මගෙ ලෝකේ මා තනි වෙලා

නෙතදී ගැලූ කදුළු මා නෙත රැදී
මා දෑස බොදවී ගිහින්
මා හදවතේ රැදුනු සුසුමන් වලින්
මුලු සිතම පිරිලා ගිහින්
මා හැර ගියේ ඇයිද මා සොදුරියේ
යලි ආයෙමත් එන්නෙ නැතිදෝ ලදේ
ඔබමයි මගේ ජීවිතේ

සීතල රැයේ මහද රිදවුම් දිදී
මා තුරුලෙ ඇය නෑ රැදී
සිත් අහස සරසන්න යලි ඔබ ඇවිත්
මා හද පුරා දැවටෙමින්
මට දෙන්න ඒ සිහින
ඔබ ආයෙමෙත්
ලග ඉන්න පෙර වාගෙ මට ආදරෙන්
වෙන්වී නොයන් මා හදින්

0 comments:

Post a Comment