අහස දෙදරා හඩන රෑ යාමේ කව්දෝ ආවා
සිහිනෙ රග පෑවා හිනැහෙමුද කීවා
අහස දෙදරා හඩන රෑ යාමේ කව්දෝ ආවා
සිහිනෙ රග පෑවා හිනැහෙමුද කීවා

හිත ගාව හිනහෙන්න දුන් කාලේ ඉවරයිද
ඔබ උන්නෙ මා ගාව ඒ හීනෙ විතරයිද
වස්සානෙ නැතුවාට මට ඉන්න ඔබ ගාව
හිත ඉල්ලලා නෙත හඩනවා සයනයේ තනිවෙලා

අහස දෙදරා හඩන රෑ යාමේ කව්දෝ ආවා...//

හීනයේ ගෙන ආව පෙම් සිසිල විද ගන්න
ලග ඉන්න සැනසෙන්න මට ආයේ තහනම්ද
හිත හඩනවා තාම තේරෙන්නෙ නැතුවාද
වස්සානයේ වැහි බිංදු සේ කදුලු දෑසින් ගලනවා


අහස දෙදරා හඩන රෑ යාමේ කව්දෝ ආවා...//

0 comments:

Post a Comment