ඉවසයිද මන්දා මා දුන් රිදුම
වෙන්වීලා ආ දා වෙනතාක් බලන්
උන්නට  මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්
තනියෙන්ම වින්දා මේ දෙනෙතේ ඉතින්
තව කදුලු නෑ මේ දෙනෙතේ ඉතින්
ගියදාමා ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති උනා සත්තයි හෙමින්

ගොළු වෙච්ච තරු දෑසේ කදුළැල් උනන්නේ
දරාගන්න බෑනේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නෑ කාගෙන්වත්
රැක ගන්න බැරි උනේ සංසාර ආදරේ
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැතිවුනා සත්තයි හෙමින්

මේ පාළු දුක් සිහිනේ අතරම්ං වෙලා බොහොසේ
ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
ජීවිතය වැටුනු තරම් නැගිට ගන්න බෑ ආයේ
මැරි මැරී උපදී මේ සංසාර ආදරේ
උන්නට මා රහසේ තුරුලක් හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්
 ඉවසයිද මන්දා





0 comments:

Post a Comment