වෙන් වෙන්නට හිත කීවොත්
ඔබ වෙන් වෙනවාද
හැර යන්නට හිත කීවොත්
මා හැර යනවාද
තනි වෙන්නට හිත කීවොත්
තනිකර යනවාද
යලි එන්නට හිත කීවොත්
ඔබ යලි එනවාද

ජීවිතේ පැතු ආදරේ
සොයා දුන්නු නුබ ආදරී
මා හදේ ඇතිරුවා
ආදරේ පාට යාවෙවි ..//

පමා වී නෑ වගේ දරා ගමු ආදරී
මේ දුක් ආදරේ නාමයෙන්
අපේ ආදරේ නාමයෙන්

සෙනෙහසේ නවාතැනේ
ලැගුම් දුන්නු මගෙ පෙම්බරී
ආයෙනම් රිදවන්නෙ නෑ
බලාගනිමි මගෙ පන වගේ..//

දුරස් වී නෑ වගේ දරා ගමු ආදරී
මේ දුක් ආදරේ නාමයෙන්
අපේ ආදරේ නාමයෙන්

වෙන් වෙන්නට හිත කීවොත්

0 comments:

Post a Comment