දවසක් තියේවී වෙන්වුනු ඔබ මා 
නැවතත් මුන ගැසෙනා 
කදුලක් තියේවී මා ලග  එදිනේ 
ඔබේ නමින් ගලනා 

නටුවෙන් කඩලා මල විසි කල විලසේ 
වරදක් නැතත් මට ඔබ පිටුපෑ බව සේ 
වල් මත් උනා මා අසරන පෙම් පියසේ 
මට තාම නොදැනේ මොනව උනාදෝ 
අප දෙදෙනාට ප්‍රියේ 

දවසක් තියේවී වෙන්වුනු ඔබ මා........

හිනැහෙනවා ඔබ මා හඩනා දවසේ 
නැලවෙනවා ඔබ ඔහු හා රස පහසේ 
ඔබටත් ලබාවී දවසක් මට වාගේ 
මට තාම නොදැනේ මොනවා උනාදෝ 
අප දෙදෙනාට ප්‍රියේ

දවසක් තියේවී වෙන්වුනු ඔබ මා.........









0 comments:

Post a Comment