කෙසේ කියන්නද ඔබ මා අත හැර
ඉවත ගියා කියලා
මගේ මුවින් මම ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා...//

කිසිවෙකු කිසි විට අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
මා වැරදිය කියලා

කෙසේ කියන්නද ....

සෙනෙහස බිදුනද මේ අවමානෙන්
ගැලවිය යුතු හින්දා
මවිසින් ඔබ අත්හරිමී පවසමි
ලොවටම ඇසෙන නියා

කෙසේ කියන්නද ......

0 comments:

Post a Comment