මදු මල ලෙස මුදු මගේ ප්‍රියාදර

මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි
අපමන සිතුවිලි බිහිවී තෙරපී
එකිනෙක පැටලෙන්නේ

කොහොම පටන්ගෙන මොනව ලියන්නද
නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැමදේ පරවි රැජිණියේ
එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි

මදු මල ලෙස මුදු......

හිත ගොලු වෙනවා
අත වෙව්ලනවා
හදවත ගැස්සෙනවා
ලිපියෙහි කොල වෙත
මුහුණ යොමන විට නෙත් දෙක පියවෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැමදේ

පරවි රැජිණියේ
එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි .......


0 comments:

Post a Comment