අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැද ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම බවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ලදේ

ඹමරෙකු වන්නට නොහැකිව ලතවෙන
මා අබියස ඔබ නෙලුම නොවේ
උල්පත වන්නට නොහැකිව ලතැවෙන
මා අබියස ඔබ සයුර නොවේ

අවසර නැත මට....

ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
බැරිකම මිස ඔබෙ සිහින ලොවේ
ඔබ කැදවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ

අවසර නැත මට.....

0 comments:

Post a Comment