පැරදීලා පලා ගියේ නෑ
රැවටීලා හඩා වැටී නෑ
පිටු පාලා සොවේ හෙලා නෑ
මා කවදාවත් වෙනස් උනේ නෑ...//

දුක සන්කා හැර විගසේ
සැනසීලා ඉනු නොලසේ
ලයෙහී රන් ගිරි සිරසේ
රැදෙමී මා විත් වළාකුලක් සේ

පැරදීලා පලා ගියේ නෑ.......

රන් කාසී කොහෙන් ගෙනෙම්දෝ
රන් මාළා කෙසේ සොයම්දෝ
හිස් දෑතින් කෙසේ එමීදෝ
මා එනතුරු ඔබ බලා ඉදීදෝ

පැරදීලා පලා ගියේ නෑ...

0 comments:

Post a Comment