සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්
අවදී නොවී ඉන්නම්
කිසිදා ඔබෙ අත නොලැබේ
නම් හැමදා තනිවෙන්නම්

ආසිරිගී මැද පෝරුව මත හිද
මහපටැගිලි බැද අතපැන් වත් කර
ඔබ කැදවා යන්නම්
නැතිනම් තනිවෙන්නම් ...//

ජීවන ගමනේ බාදක දුක සැප
එකසේ පිලිගෙන හිනහෙනු මැන ඔබ
තනියට ලග ඉන්නම්
නැතිනම් තනි වෙන්නම්...//

සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්

0 comments:

Post a Comment