තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
වේදනා පිරී ලොවක්  ඔබයි බිහි කලේ


මගෙ පාලු ලෝකයේ තනිවූ මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතුවිලි මගේ හසුරා ගැත හැක නමා
මට දුක සිතෙන්නේ ඔබ ගැන තමා

ඔබෙ චේතනා අගනා මා සිත දනී
අවට ලෝකයෙ බැලුම් විස කටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැබුරේ ඇනී
ගලන  දුක් වේදනා රුධිරය වැනී






0 comments:

Post a Comment