අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජ දහනේ
මින් පෙර ඒ සිත හැම මොහොතකදිම
මා ලගමය රැදුනේ

කොතැනදි හෝ ඔබ මා දුටු මොහොතක
නොදොඩා සැගවී ඉන්න එපා
සිතුනේ නම් යලි මා වෙත එන්නට
නොපෙනී නෑවිත් ඉන්න එපා

අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජ දහනේ............

යුගයක හසරැල් තව යුගයකදී
දෙනෙතට කදුලැල් දෙන්නේ නම්
දෙතොලින් කීවද රුදිරෙන් ලීවද
පල නැත සිත යලි නොබැදේ නම්

අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජ දහනේ......

0 comments:

Post a Comment