තරු නිවී ගියා රහසේ  ආකාසේ
ඔබ හද පහන් වෙලා වාගේ මට රහසේ....
තුන් යමේ ඉකිගසා හඩනවා මාහදේ ආදරේ
ඔබ තාම මගේ දැයි අසනවා සිත මගේ ආදරේ ...

තනිකමට කදුලක් ආදරේ කීවා
සිනාසලන සදවත මගෙදැයි ඇසුවා ...//
ඔබ කොහෙද රදවා ආදරේ සගවා
ඔබට දුන් ආදරේ සගවන්න බෑ මා සිත කීවා

ඔබෙ ආදරේ මට හීනයක් වාගේ ...
ඔබ දුන් ඒ සිනාවන් තවම නෑ ඇසුනේ
ආදිරී ඉන්න ඔබ මා ලගින්
හාදු දී සනසන්න මා ඉතිං

හිත් කොනේ කදුලක් තියන් ඕනෙ නෑ
මට මගේ ආදරේ සගවගන්න බෑ ...//
තරු අහසෙ නිවිලා ඔබ නැතැයි කියලා
දැන් මගේ ආදරේ ඔබ ගාවමයි මාසිත කීවා

ඔබෙ ආදරේ මට හීනයක් වාගේ ...



0 comments:

Post a Comment