සිහිනයේ මල් සිහිනයේ ඔය දෑස කී ගිය සිහිනයේ
ආදරේ මං ආදරේ සිත ඔබටමයි හරි ආදරේ ..//
සසරේ මතක ඔය නෙත් දෙකේ කියවුනා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියවුනා

දෑතේ වෙලී නෙතු හීන කවිකම් වෙලා
ජීවිතේ ආදරින් සැනසුනා ...
ආදරේ ආදරේ ආදරේ  සිත ඔබටමයි හරි ආදරේ

සිහිනයේ මල් සිහිනයේ ඔය දෑස කී ගිය සිහිනයේ ....

දෑසින් ගෙනා ඒ මල් හිනා දෑසින් කියූ ඒ කී කතා
සිත් වල නෙත් වල ගී වල ලියවුනු ඒ පෙම් කතා
සෙනෙහේ මතකේ සැමදා ගැයෙනා ඒ ගී කතා  ...//

සසරේ මතක ඔය නෙත් දෙකේ කියවුනා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියවුනා
දෑතේ වෙලී නෙතු හීන කවිකම් වෙලා
ජීවිතේ ආදරින් සැනසුනා ...

සිහිනෙන් ඇවිත් ඔයා ලන් වෙලා
සිහිනේ වෙලී මං නුබේ වෙලා
සිහිනේ සෙනෙහේ ගීයේ ගැයුනේ නුබේ නම නිසා
සැමදා ලන්වී ඉන්නම් මෙලෙසේ මං නුබේ වෙලා..//

සසරේ මතක ඔය නෙත් දෙකේ කියවුනා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියවුනා
දෑතේ වෙලී නෙතු හීන කවිකම් වෙලා
ජීවිතේ ආදරින් සැනසුනා ...

0 comments:

Post a Comment