ඔබ කතා කරනකම් බලාන උන්නා
දැන් දැන්  දැන් ඔබ කතා කරයි කියලා
මගෙ හිත අතගා තුරුලට වීලා
හිත ඈතට ඈතට ගෙනියනවා

වෙනසක් මට දැනුනා කදුලක් නෙත තෙමුවා
වරදක් උනිද කියා හිත මට දොස් කීවා
ආදරේ කිමැයි කියා මා ඔබගෙන් හදුනා ගත්තා

ඔබ කතා කරනකම් බලාන උන්නා...

හැබැහින් ඔබ දැකලා මුව ගොලු වී යනවා
කෙලෙස කියන්නද මා බැදුනු සෙනෙහෙ පෙරදා
ආදරේ කිමැයි කියා මා ඔබගෙන් හදුනා ගත්තා

ඔබ කතා කරනකම් බලාන උන්නා...
Roshan Fernando

0 comments:

Post a Comment