සමු ගන්න පෙර කියා තිබුනි නම්
ඕන තරම් හිත  හදා ගන්න තිබුනා
නොකියා ගිය ඔබ නිහඩ ඇයි අද
මා අසරණයි මෙදා
මා අසරණයි මෙදා


දැන දැන හෝ ඔබ නොදැනුවත්ම හෝ
අමතක කරනු කෙසේ
දුරක් ගිහින් ඔබ හිත ඇතුලේ මගෙ
වෙන් වෙනු බැරිම තරම්
වෙන් වෙනු බැරිම තරම්

මා කදුලින් බව ඔබත් දන්නවා
ඔබ කදුලින් බව මාත් දන්නවා
එනමුදු බැදි පෙම රැකගන්නටනම්
කල යුතු දෙය නොදැනේ
කල යුතු දෙය නොදැනේ
Sumith Hashendra

0 comments:

Post a Comment