දුක වැඩි තරමට කදුලු හෙලන්නට
නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට
ඔබ මාගෙන් ඈත් වෙලා

හැඩවෙන නෙතගට තරවටු කෙරුවට
කදුලැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට
ඔබ ගියෙ ඇයි ඈත් වෙලා

වෙනසක් නැහැ මගෙ සිහිනේ
තාමත් මල් පිබිදෙන්නේ
රැවටුනු  මේ හිත මාගේ
තනිවුනු බව නෑ දන්නේ

මුලු යහන පුරා විදි සුවද පවා නැත
දුක විතරක් ඉතිරි වෙලා
කදුලක් කදුලක් ගානේ
ඔය රුවමයි සිහිවෙන්නේ

මට නොලැබුනු ඔබෙ සෙනෙහේ
වෙනකුගෙ බව නෑ දැනුනේ
ජීවිතය පුරා පැතු පැතුම් මකා
ඔබ දුක විතරක් උරුම කලා

0 comments:

Post a Comment