ආදරේ ලැබෙන්නත්
ආදරේ ලබන්නත්
ආදරයක් විදින්නත් කාලයක් 
තිබෙන්නවූ සුන්දර ලොවක් ඇති අය හැටියට
ඒ කාලයට නොලැබෙනා ආදරයක්
දවසක මහට එපා වේවී රත්තරන්
ඒ ආදරය එපා වෙන්න මොහොතකට කලින්
ඇවිත් මගෙ හිතට ලන් වෙලා ආදරෙන් ඉන්න
පුංචියට හෝ උත්සාහයක් ගන්න මගෙ රත්තරන්
නැති නම් මතුවට ඔබත් මාත්
රන්මුදු පලදා එක් වෙනවා වෙනුවට
එක හිත දෙහිතක් කරන්
වෙන් වෙලා යන්නට වේවි 
ආදරෙන් පැරදී යන අවාසනාවන්තයින් ලෙසට 
-Shani-

0 comments:

Post a Comment