හිටි හැටියේම පෙනී නොපෙනී හිය නුඹව
දුටුවම ඇතිව්විය ආදරය උමතු වූ ලෙසට
වැඩිවුනි සැනින් හද ගැස්ම
පාලනයකින් තොරවිය එය ගැහෙන

නුඹ නමින් නැගෙන සිතුවිලි සිතට
පිළිවලක් නැත හැසිරෙන
ඇති වූ විට ආලයක් හදවතට
සුව නොවන රෝගයකි එය හද දවන

නුඹ අද පැමිණ නැතැයි හෙට පැමිණෙතැයි යළි 
බලා හිදිමි මම පෙරමග
පමා වීමට කරුණ කිම
මායාවක්ද නුඹ යලි නොයෙන

බෙහෙවින්ම බිය වී ඇත සිත 
වේදනාවෙන් සලිත වී ඇත ගතම
කියයි එක්වීමට නුබෙත් මගෙත් හදවත
පෙම්වතිය යලි පැමිනෙන්න මා වෙත

පවසන්න ආදරෙයිද මා හට
සසර සැරි සරන තුරු ඉන්නට කැමති දැයි මා ළග
නුබ මගේ පණ විය  
වේවිද මා නුබේ පණ
-Aman-

0 comments:

Post a Comment