මතක නැද්ද ආදරෙන් උන්න ලන් වෙලා
දවස තිස්සෙ රෑ පුරා කතා කල ඔයා
ඈත කොහෙද හැන්ගිලා මගෙන් දුර ගියා
එන්නෙ නැද්ද ආයෙමත් රත්තරන් ඔයා

මතක නැද්ද ආදරෙන් උන්න ලන් වෙලා...

අදුරු අහසෙ හිටි ගමන් එලිය සද වෙලා
සීත රැයක පාලුවේ උනුසුමක් උනා..//

මගේ ජීවිතේම දැන් හීනයක් වෙලා
යන්න කොහෙ ගියාදෝ රත්තරන් ඔයා

මතක නැද්ද ආදරෙන් උන්න ලන් වෙලා...//

හඩන හිත මගේ දැන් නම් නැවතුමක් නැතී
පාලු හිතට ආයේ සැනසුමක් නොයේ.....//

හිතේ මාලිගා කඩාලා ඔයා ගිය හැටි 
එන්නෙ නැද්ද ආයෙ කොහොමටත් යලී

මතක නැද්ද ආදරෙන් උන්න ලන් වෙලා...//

0 comments:

Post a Comment