මා සන්තකටම වත්කම වූ ප්රේමය...
මට මහා සැනසුම දීආපසු ගත්තේ
ඇයි දැයි අදත් මා නොදනිමි...
ඇට ලේ මස් නහරවල කැලතී
දියව යන්නේ මා සන්තකය
ඔබට පැවරූ පාපය නිසාවෙනිපෙම්වත... 
ඔබට පිදු නොකළැල් නොකිලිටි
නොවෙනස්මගේ වත්කම මා ආපසු ඉල්ලන්නේ නැතමන්ද... 
එය මා ඔබට පිදුවේ කිසිවක් පෙරලා 
බලාපොරොත්තුවෙන් නොවන නිසාය 
ඔබ නිදුකින් ඉනු මැනඑය මගේ පැතුමයි.....
 -Dinithi-

0 comments:

Post a Comment