ආදර හැගුමන් නොලබාලා
නොයිදුල් පැතුමක සිරවිලා
පැතුමෙන් ඔබ වෙත පියබාලා
මා සිත හොරහ ගියා

නොලැබුනු මල් හැගුමන් අතරේ 
කොදුරා දොඩනා අදරයේ
සුළගේ පාවී පාවී මා ඔබවෙත පියෑබුවා

වලුකා කතරේ මම හිරි පොද වැස්සක් වෙලා
ගිම්හානයට ඔබ මගෙ වස්සානය වෙලා
දුර දිවියට අත ගන්නට සද කුමරිය වෙලා
විද ගන්නට ඉඩ දෙනවාද පැංචියෙ ඔබ හා

ඔබ මට පෑ හසරැල්ලෙ 
ඔබගෙන් ලැබු ආදරයෙන්
හදවත පුරවා දෑතෙ මං ඉන්නවා

සමනල් වයසේ සිහිනේ 
ඔබගෙන් මම ලද සෙනෙහෙන්
ඈත් නොවී ලංවී ඉමු සෑමදා

ජීවිතේ මා ඔබ ලග තියා 
ආදරේ සෙනෙහසයි මම වෙලා
සිතිජය වෙත මා ලංවී අද තනිවෙලා 
පැතුමන් බොදවී කතරක මා තනි උනා
සයුරක් සේ පෙම් කල පැතුම් බොද දමා 

සුළගක් සේ හැර දැමුවත් 
සමනල් සිත් බොද වූවත්
මා ආදරෙ ඔබ ඔබටමයි කුමරියේ 

මා හැර පියමන් කෙරුවත් 
සිතුවිලි අමතක වූවත්
මං ඔබගෙමයි ආදරෙ ඔබටමයි 

සුළගක් සේ හැර දැමුවත් 
සිතුවිලි අමතක වූවත්
මං ඔබගෙමයි ආදරෙ ඔබටමයි 

සුළගක් සේ හැර දැමුවත් 
සිතුවිලි අමතක වූවත්

මා හැර පියමන් කෙරුවත් 
සමනල් සිත් බොද වූවත්
ඔබ මාගෙමයි ආදරේ ඔබටමයි
ඔබටමයි.


0 comments:

Post a Comment