වැසි බිදු සේම සැලේ පිණිබිදු දෑස තෙමේ
අඩන්නෙ ඇයි සොදුරේ
කොහොමද ඔය හිත රිදුනේ

මිලාන නීල නුවන්
බලාන සුසුම් හෙලන්
හිදින්න බෑ මැනිකේ
හිනා වෙන්නපුරුදු ලෙසින්
වැසිබිදු සේම සැලේ

බනින්න ඇති තරමක්
හිත තව ඔබෙ රිදෙනවනම්
මැනිකේ අහක බලන්
ඉන්න එපා තරහින් නම්

බලන්න එන්න හිතන්
තරු කැට මා ගැනපු තරම්
දන්නේ පුර අහසයි
සත්තයි බොරු නොකියමි මං
වැසිබිදු සේම සැලේ

ආවේ සිදාදියෙන්
නොවෙනස් වූ එකම සිතින්
කොහොමද නපුරු උනේ
ආදරයෙන් පිරුනු හිතක්
ඔය තරමට  සැක නම්
කුමටද සිත් රිදවන්
මම සමුගෙන යන්නම්
සොදුරියෙ ඔබ සැනසේ නම්
Kaveesha Kaviraj

0 comments:

Post a Comment