අහසත් අදුරු විය
වැහි වලාවන් පාවී පාවී ඇවිත්
ඒ අදුරු වලාවන් මුලු විශ්වයම අදුරු කලා
හරියටම වැස්සක් පේන මානයේ වගේ
තවත් මොහොතකින් මහා සද්දෙට
ගොරවනවන්න පටන් ගත්ත
ඒ එක්ක සුදුම සුදු  එලියක්
නිවි නිවී දැල්වෙනාවා සේ
මා පය අසලටම ඇවිත්
නැවත දිව  ගියා
දැන් අහස නපුරු වෙනවා සේ දැනුනා  
ඔව් දැන් මහ වැස්සක් වහිනවා
හරියටම මගෙ පුංචි කෙල්ල වගේමයි අහසත්
මට මතක් වෙන්නෙ
ඔයාට දුක හිතුනම
 අඩන තරහ ගියාම වෙව්ලන
හරි සද්දෙට කෑ ගහල  මට බනින
මගෙ පුංචි කිරිලි පොඩිත්තවයි  
ඔයත් මෙකලට වහින වස්සානෙ වගෙයි
ඒ වස්සානෙට මං හරි ආදරෙයි  
කොයිතරමට තෙමුනත් මාව
දාල යන්න හිතන්නෙවත් නෑ
ඒ ඔයා මගෙ වස්තුව නිසයි
-shani- 

0 comments:

Post a Comment