සුදු අයියේ ඔය ඇස් දිහා බලාගෙන
එක විනාඩියක් නෙවෙයි
කල්ප කාලයක් උනත් ඉන්නට හැකි මට
සුදු අය්යෙ ඔය හදවත
තාලයකට ගැහෙන සද්දෙ අහගෙන
පපුවට තුරුලු වෙලා නිදා ගන්න
නොහැකි නෙවෙයි මට පුලුවනි
එය මට නිදා ගන්නට ගැයෙන
නැලවිලි ගීයයි
සීතලක් දැනුනම
සුදු අය්ය ලගට දිව ඇවිත්  
උණුසුම ලබන්න  
බියක් දැනුනම
 ඔය දෑත් තුලට වී සිර වෙන්නට
එහි ආරක්ශාව ලබා ගන්න  
මේ හැමදේමත් එක්ක
ජීවිත කාලයෙදිම ලගින් ඉන්න
මට පුලුවනි
ඒ සුදු අය්යෙ ඔයාගෙ
පිරිසිදු අහිංසක
ආදරෙ නිසයි 
-shani-

0 comments:

Post a Comment