තනිකම තියාන හිත යට රහසේ 
වසන්තයක් තව ගෙවිල ගියා ........
තනිකම තියාන හිත යට රහසේ 
වසන්තයක් තව ගෙවිල ගියා ........

හිතක කොනේ ඔබ හුන් තැන  තනියට 
මතකය විතරක් ඉතිරි වෙලා ...........
මගෙ හිත පුරා ලගටම වෙලා 
ඉන්නවා ඔබ මගෙ වෙලා ....
ජීවිතේ මගෙ ආදරේ ඒ ඔබ තමා ඔබ දන්නවා 

මාගේ දෑසේ තනි උනු හීනේ 
ඔබෙ රුව තාම අදින්න ඇතී .......
හීන නැතත් මගෙ කළුවර අහසේ 
මතක අපේ හිත කොනක ඇතී .....
සදු මඩල පුරා මුලු ලොවට හොරා 
සිතුවමක් වෙලා ඉන්නම් 

මගෙ හිත පුරා ලගටම වෙලා 
ඉන්නවා ඔබ මගෙ වෙලා ....
ජීවිතේ මගෙ ආදරේ ඒ ඔබ තමා ඔබ දන්නවා .....

හිතු මතේ තනිවීලා හීනය දිගේ.... 
ඔබෙ වීලා නිහඩ හිතට රහසේ ඇවිල්ලා 
අහිමි හීන අමුනා ගෙනල්ලා ........
හද ගැස්ම වෙලා මුලු ලොවට හොරා .....
පපු තුරට වෙලා ඉන්නම් 

මගෙ හිත පුරා ලගටම වෙලා 
ඉන්නවා ඔබ මගෙ වෙලා ....
ජීවිතේ මගෙ ආදරේ ඒ ඔබ තමා ඔබ දන්නවා .....

Mage Hitha Pura - Adeera ft Nuwan

0 comments:

Post a Comment