රතු රෝස මල් යාය නුබනම්
මනමාල බබරා මමයි
හිම සීත කදු යාය අතරින්
ඔබෙ පෙම පතා එනවමයි

රන් තාරුකා රෑන හොරැහින්
අප දෙන්න සනසාලවයි
මේ ප්‍රේම සදපාන සිසිලෙන්
රස ගේන සිසිලක් සදයි
ඔබ මාගෙ මනමාලියයි

රැක ගන්න ඔබෙ ආදරේ මං
වින්දාවු දුක් වේදනාවන්
මතුදාක සැනසෙන්න පුළුවන්
මේ  ආදරේ සදාකල් නම්
සිප ගන්න මගෙ දෑත සෙනෙහෙන්
තව ඉන්න මට ලන් වෙලා දැන්

රතු රෝස මල් යාය නුබනම්...

රැක ගන්න පෙම් චේතනාවන්
සංසාර පැතුමක් වගේ දැන්
පෙම් හීන එලි වෙන්න විගසින්
නොසැලී හිදින් ආදරේ නම්
ගිම්හානයෙ ඉන්න සෙනෙහෙන්
මං දාල යන් නෑ සදාකල්
Roshan Fernando

0 comments:

Post a Comment